ශ්‍රී ලාංකේය හා විශ්වීය කතෝලික සභාවේ ඉගැන්වීම්, සභා නිවේදන හා සභා සම්ප්‍රදායන් පිළිබඳව දැනුවත් වෙමින් කතෝලික සභාවේ දහම් සේවය ගොඩනැංවීමට ඔබ සැමට සුහද ආරාධනා!
ස්තුතියි
ඔබට ජය
ජේසු පිහිටයි
ධර්මෝපදේශකයා

Ads 468x60px

Tuesday, December 27, 2011

2011 නත්තලේ සසුන් පිය පැතුම්

පසුගිය දා ලොව විශාලතම නත්තල් ගසේ විදුලි බුබුළු දල්වමින් 16 වන බෙනඩික්ට් ශුද්ධෝත්තම පියතුමා නත්තල් ප්‍රාර්ථනා තුනක් අනාවරණය කළේ ය. 
  1. අපගේ දෑස් ගුවනට ඔසවා අහස සිසාරා ගෙන යද්දී අපව දෙවියන් වහන්සේගේ රාජ්‍යය වෙත යොමු වෙනවා. මගේ ප්‍රථම පැතුම අපගේ සිත් හා හදවත් වලින් තිරසාරව සෙවිය යුත්තේ හුදු මෙම ලෝකයේ විශේෂතා හෝ එහි ද්‍රව්‍යමය දේවල් පමණක් නොවේ. ඒ ආකාරයෙන් ම මේ නත්තල් ගස ඉහළට එසවී දෙවියන් වහන්සේ වෙත යොමු වී ඇති ලෙසට අපේ හදවත් හා සිත්සතන් ද මේ මේ නත්තලේ දී ඔවුන් වහන්සේ වෙත එසවීය යුතුය. දෙවියන් වහන්සේ කිසිදා අපව අමතක නොකරන සේක. එසේම උන් වහන්සේ අපගෙන් ද ඉල්ලා සිටින්නේ අප ද උන් වහන්සේව කිසිදා අමතක නොකළ යුතු බවයි.
  2. අපගේ ජීවිත මඟ එළිය කරන්නට කිසියම් දේව ආලෝකයක් අවශ්‍ය වේ. එම ආලෝකය අපට බලාපොරොත්තුව ලබා දෙමින් මෙකල අපව කළඹන ගැටලු, විවිධ අර්බුද, දුක් වේදනා ඔස්සේ ජීවිත අන්ධකාරයෙන් ඉවත් වන්නට උපකාරී වෙයි. ඒ ආලෝකයට නියත වශයෙන් ම අප හදවත් ආලෝකවත් කරමින් අපට ශක්තිමත් හා ස්ථිර බලාපොරොත්තුවක් ගෙන දිය හැකි වන්නේ නත්තලේ දී අප සමරන දිව්‍ය බිළිඳාගේ දිළිඳු හා අසරණ ගවහල තුළිනි. මන්ද, දෙවිඳාණන් වූ උන් වහන්සේ අප සමීපයේ සිටිමින් අපට උන් වහන්සේව අලුතෙන් ලැබුණේ දැ යි විමසන බැවිනි. 
  3. ප්‍රථමයෙන් කී ආලෝකය උදෙසා අප සෑම කෙනෙකුම අපගේ ජීවිත වලින් යමක් පරිත්‍යාග කළ යුතුය. අපගේ පවුල්, අපගේ රැකියා, අපගේ අසල්වාසීන්, ගම්, නගර හා රටවල් වශයෙන් අප අපට ම කරන පරිත්‍යාග වලින් ඔබ්බට ගොස් අප ආත්මාර්ථකාමීත්වයෙන් එතෙර වී තමන් ගැන පමණක් සිතන සිත්සතන් හා හදවත් වසා දැමිය යුතුය. වඩාත් දැඩි අවධානයක් අන් අය වෙත වඩ වඩාත් යොමු කර දැහැමිතාවයේ නාමයෙන් තමන්ට හැකි පමණින් යම් දෙයක් අන් අයට පරිත්‍යාග කළ යුතුය. එය මෙම නත්තල් ගසේ විදුලි බුබුළු මෙන් විය යුතුය. ඉතා කුඩා විදුලි බුබළු රාශියක් එකතු වීමෙන් අඳුර දුරු කිරීමට සමත් වෙයි. දැඩි අඳුරු රැයක පවා කුඩා විදුලි බුබුළක් ඉතා දීප්තියෙන් බැබළෙන්නාක් මෙන් අප ද අඳුරු ලෝකය අපගේ ජීවිත තුළින් ආලෝකවත් කළ යුතුය.
[ඥානාර්ථ ප්‍රදීපය පුවත් පත ඇසුරෙනි]