ශ්‍රී ලාංකේය හා විශ්වීය කතෝලික සභාවේ ඉගැන්වීම්, සභා නිවේදන හා සභා සම්ප්‍රදායන් පිළිබඳව දැනුවත් වෙමින් කතෝලික සභාවේ දහම් සේවය ගොඩනැංවීමට ඔබ සැමට සුහද ආරාධනා!
ස්තුතියි
ඔබට ජය
ජේසු පිහිටයි
ධර්මෝපදේශකයා

Ads 468x60px

Featured Posts Coolbthemes

Friday, January 13, 2012

2012 වර්ෂය ශ්‍රී ලංකාවේ "දේව වචන‍යේ වසරයි"


2012 වර්ෂය "දේව වචනයේ වසර" ලෙසින් අති උතුම් මැල්කම් කාර්ඩිනල් රන්ජිත් හිමිපාණන් විසින් පසුගියදා ප්‍රකාශයට පත් කරන ලදි.  ඒ සඳහා නිකුත් කළ සන්නස් පත්‍රය පහතින් දැක්වේ.


සදාදරණීය සහෝදර සහෝදරියනී,
පිතා පුත්‍රයා හා ශුද්ධාත්මයාණන් වන ත්‍රිත්වයික දේවෝත්තමයාණන් වහන්සේට සදාකාලයට ප්‍රශංසා වේවා!


අති ශුද්ධ වූ දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ සහ දේව වචනය ක්‍රිස්තුස් වහන්සේගේ අනුගාමිකයන් වන අප ලද උත්කෘෂ්ට තිළිණයක් වන අතර, එමගින් උන්වහන්සේගේ ප්‍රේමය ශුද්ධ වූ පූපය තුළ වැඩවසන අපේ දිව්‍යමය ආහාරය ද, උන්වහන්සේගේ වචනය අපට කතා කරන, අප දිවි බලගතු ලෙස වෙනස් කරන්නට අප මෙහෙයවන හඬ මෙන් ද අපි අත්දකිමු. අපගේ විශ්වාසය යළි සවිමත් වන්නේ උන්වහන්සේගේ ශ්‍රී ශරීරයෙන් හා රුධිරයෙන් ‍පෝෂණය වීමෙන් පමණක් නොවන අතර, උන්වහන්සේගේ හඬට ප්‍රත්‍යක්ෂ සවන් දීම ඔස්සේ අප ලබා ගන්නා දේව වචනය සදාකාලිකව අප තුළ පවතී. ඇත්තෙන්ම දේව වචනයට ගරු බුහුමන් දැක්වීම අපගේ කිතුනු විශ්වාසය සුරකින අතර, දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබා ගැනීමෙන් එය සවිමත් වේ. එලෙස දේව වචනය "ජීවමාන හා ඵලදායී" [හේබ්‍රෙව් ‍4 : 2] වන අතර කැපවූ ක්‍රිස්තියානි ජීවිතයක මූලික පදනම ද වන්නේ ය.

දේව වචනය දේශනා කරන්න. කලටත් අකලටත් එහි නිරතව සිටින්න. ඉවසිලිවන්තව උගන්වමින් සත්‍යය පහදා දෙන්න. දිරිගන්වන්න." [2 තිමෝති 4 : 2] ශුද්ධ වූ පාවුළුතුමාගේ මේ අවවාද අනුශාසනාව අපට දෙවියන් වහන්සේගේ වචනය නියතව හා අනුරූපී ලෙස ප්‍රකාශ කිරීමට දිරි දෙයි. ශුද්ධ ලියවිලි දෙවියන් වහන්සේ වෙතින් ප්‍රබෝධයක් ගෙන දෙන අතර, "ඉගැන්වීමට ද දුර්මත දුරු කිරීමට ද හික්මවීමට ද ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කිරීම පිණිස උපදෙස් දීමට ද ප්‍රයෝජනවත් වෙයි." [2 තිමෝති 3 : 16] දේව වචනය විශ්වාසයේ දහම් පුබුදුවක් සඳහා කියවීම, අධ්‍යයනය කිරීම, යාච්ඤා කිරීම, ජීවත්වීම ඔස්සේ ජනවන්දනාව මහෝත්සවාකාරයෙන් සමරමින් අන්‍යයන් හා බෙදා හදා ගැනීම ද තුළ ක්‍රියාවට නැංවිය යුතුය.

"දේව වචනය තුළින් විශ්වාසයේ නවෝදයක් කරා"
දයාබර ගරු පියතුමනි, සහෝදරතුමනි, පැවිදි සොහොයුරියන් සහ ජේසු සමිඳුන් තුළ මා දයාබර සහෝදර සහෝදරියනි,

කොළඹ අගරදගුරුතුමන් වන මැල්කම් කාර්ඩිනල් රන්ජිත් නම් මා, අති උතුම් සොලොස්වන බෙනඩික්ට් ශුද්ධෝත්තම පියතුමන්ගේ සසුන් පිය ධූරාවලියේ සත්වන වසරේ දී ගෞරවයෙන්, ප්‍රශංසාවෙන්, ආනන්දයෙන් හා නිහතමානීත්වයෙන් අපගේ දාරක භක්ති ආදර හදවතින් ක්‍රිස්තුස් වහන්සේගේ අති මහෝත්තම හා අභිරහස්‍යමය ශරීරයේ සාමාජිකයන් ලෙස එක්රැස්වී කොළඹ අගරදගුරු පදවි සංඝය 2011 ආගමන සමයේ පළමු ඉරුදින වූ අද පටන් දෙවියන් වහන්සේගේ වසර වූ 2012 ඔක්තෝබර් 10 දක්වා මහිමාලංකාරයෙන් දේව වචනයේ වසර මහත් ගෞරව බහුමානයෙන් යුතුව පවත්වන බව දේව මහිමය හා සැදැහැවත් ජනතාවගේ සිත් ප්‍රබෝධය සඳහා ප්‍රකාශ කරමු.

දිව්‍යමය වචනය අප සමග රැ‍ඳෙමින් අප ශක්තිමත් කරත්වා! දෙවිඳුන්ගේ මෑණියන් වූ අප ශුද්ධ වූ කන්‍ය මරිය මාතාවන්ගේ මධ්‍යස්ථකම අපට නිරතුරුව ම ලැබේවා!

මේ වගට අත්සන් කළේ,
අති උතුම් මැල්කම් කාර්ඩිනල් රන්ජිත්
කොළඹ අගරදගුරු හිමි

 2011 ඉල්මස 26 වන ඉරුදින කොටහේන ආසන දෙව්මැදුරේ දී.
[සන්නස් පත්‍ර අංක 03]


 





















   

Tuesday, December 27, 2011

2011 නත්තලේ සසුන් පිය පැතුම්

පසුගිය දා ලොව විශාලතම නත්තල් ගසේ විදුලි බුබුළු දල්වමින් 16 වන බෙනඩික්ට් ශුද්ධෝත්තම පියතුමා නත්තල් ප්‍රාර්ථනා තුනක් අනාවරණය කළේ ය. 
  1. අපගේ දෑස් ගුවනට ඔසවා අහස සිසාරා ගෙන යද්දී අපව දෙවියන් වහන්සේගේ රාජ්‍යය වෙත යොමු වෙනවා. මගේ ප්‍රථම පැතුම අපගේ සිත් හා හදවත් වලින් තිරසාරව සෙවිය යුත්තේ හුදු මෙම ලෝකයේ විශේෂතා හෝ එහි ද්‍රව්‍යමය දේවල් පමණක් නොවේ. ඒ ආකාරයෙන් ම මේ නත්තල් ගස ඉහළට එසවී දෙවියන් වහන්සේ වෙත යොමු වී ඇති ලෙසට අපේ හදවත් හා සිත්සතන් ද මේ මේ නත්තලේ දී ඔවුන් වහන්සේ වෙත එසවීය යුතුය. දෙවියන් වහන්සේ කිසිදා අපව අමතක නොකරන සේක. එසේම උන් වහන්සේ අපගෙන් ද ඉල්ලා සිටින්නේ අප ද උන් වහන්සේව කිසිදා අමතක නොකළ යුතු බවයි.
  2. අපගේ ජීවිත මඟ එළිය කරන්නට කිසියම් දේව ආලෝකයක් අවශ්‍ය වේ. එම ආලෝකය අපට බලාපොරොත්තුව ලබා දෙමින් මෙකල අපව කළඹන ගැටලු, විවිධ අර්බුද, දුක් වේදනා ඔස්සේ ජීවිත අන්ධකාරයෙන් ඉවත් වන්නට උපකාරී වෙයි. ඒ ආලෝකයට නියත වශයෙන් ම අප හදවත් ආලෝකවත් කරමින් අපට ශක්තිමත් හා ස්ථිර බලාපොරොත්තුවක් ගෙන දිය හැකි වන්නේ නත්තලේ දී අප සමරන දිව්‍ය බිළිඳාගේ දිළිඳු හා අසරණ ගවහල තුළිනි. මන්ද, දෙවිඳාණන් වූ උන් වහන්සේ අප සමීපයේ සිටිමින් අපට උන් වහන්සේව අලුතෙන් ලැබුණේ දැ යි විමසන බැවිනි. 
  3. ප්‍රථමයෙන් කී ආලෝකය උදෙසා අප සෑම කෙනෙකුම අපගේ ජීවිත වලින් යමක් පරිත්‍යාග කළ යුතුය. අපගේ පවුල්, අපගේ රැකියා, අපගේ අසල්වාසීන්, ගම්, නගර හා රටවල් වශයෙන් අප අපට ම කරන පරිත්‍යාග වලින් ඔබ්බට ගොස් අප ආත්මාර්ථකාමීත්වයෙන් එතෙර වී තමන් ගැන පමණක් සිතන සිත්සතන් හා හදවත් වසා දැමිය යුතුය. වඩාත් දැඩි අවධානයක් අන් අය වෙත වඩ වඩාත් යොමු කර දැහැමිතාවයේ නාමයෙන් තමන්ට හැකි පමණින් යම් දෙයක් අන් අයට පරිත්‍යාග කළ යුතුය. එය මෙම නත්තල් ගසේ විදුලි බුබුළු මෙන් විය යුතුය. ඉතා කුඩා විදුලි බුබළු රාශියක් එකතු වීමෙන් අඳුර දුරු කිරීමට සමත් වෙයි. දැඩි අඳුරු රැයක පවා කුඩා විදුලි බුබුළක් ඉතා දීප්තියෙන් බැබළෙන්නාක් මෙන් අප ද අඳුරු ලෝකය අපගේ ජීවිත තුළින් ආලෝකවත් කළ යුතුය.
[ඥානාර්ථ ප්‍රදීපය පුවත් පත ඇසුරෙනි]